දානය සඳහා වෙන්කරවා ගැනීම


විස්තර

ගාල්ල ශ්‍රි ධර්මරාජ විහාරස්ථානයට අනුබද්ධිත සමාධි ගිහි පැවිදි වැඩිහිටි නිවාසය සදහා දිනක දානයක් වෙන්කර ගැනිම.

වැඩිහිටි නිවාසයේ එක් දිනක දානය බාරගැනිමෙන් ඔබ දායකත්වය දරන පින්කම්:

  • දිනක ජල විදුලි බිල්පත
  • සාත්තු සේවක වැටුප්
  • වැඩිහිටි පියවරුන්ගේ ඖෂධ සඳහා පිරිවැය
  • උදේ දවල් රාත්‍රි තුන්වරුවෙ දානය සහ තේ
  • විහාරස්ථානයේ ස්වාමින් වහන්සේලාගේ උදේ දහවල් දානය සහ ගිලන්පස
  • වැඩිහිටි නිවාසයේ නඩත්තු කටයුතු

සමාධි ගිහි/පැවිදි වැඩිහිටි නිවාසය යනු ශ්‍රී ධර්මරාජ විහාරවාසී පූජ්‍ය තල්ගම්පල සමිද්ධි හිමියන්ගේ නමින් වැඩිහිටි නේවාසික රැකවරණය සපයන ලියාපදිංචි ආයතනයකි. ආයතන ලියාපදිංචි කිරීමේ සහතිකය 2000 අංක 9 දරන වැඩිහිටි අයිතිවාසිකම් සුරැකීමේ පනතේ 16 සහ 18 වගන්තිය යටතේ සිදු කෙරේ. ලියාපදිංචි අංකය NBE/SP/Gall/2022/59.

වැඩිහිටි නිවාසය ශ්‍රී ලංකාවේ ලියාපදිංචි පුණ්‍යායතනයක් ලෙස පිළිගැනේ. එය දකුණු පළාතේ සමාජ සේවා අමාත්‍යාංශයේ ලියාපදිංචි කර ඇත. ලියාපදිංචි අංකය SP/G/25/2021.

2025 සඳහා දෛනික වියදම රුපියල් 42,000. වෙන් කරගත් දිනයට පෙර මුදල් ලබාදීම කල යුතුවේ. තහවුරු කිරිම සදහා මුදල් ලබාදුන් රිසිටිපත සහ පින්කමේ අරමුණ (සිංහලෙන් ලියා) පූජ්‍ය තල්ගම්පල සමිද්ධි හිමියන්ට Whatsapp හරහා එවන්න.

දානමය පින්කමක් වෙන්කරවා ගැනීමේදී හැකිතාක් සිංහලෙන් ප්‍රතිචාර දක්වන්නේ නම් ඉතා අගනේය.

මුදල් ගෙවීම:

ගෙවීම් භාර ගන්නා බැංකු ගිණුම් දෙකක් තිබේ.

විකල්ප 1 – ස්වාමින් වහන්සේගේ ගිණු

  • ගිණුමේ නම: පූජ්‍ය තල්ගම්පල සමිද්ධි හිමි
  • බැංකුව: ලංකා බැංකුව
  • ශාඛාව: ගාල්ල බසාර් 
  • ස්විෆ්ට් කේතය: BCEYLKLX 
  • බැංකුවේ අංකය: 7010
  • ශාඛාව අංකය: 089
  • ගිණුම් අංකය: 8570749
  • වියදම්: LKR 42,000

විකල්ප 2 – වැඩිහිටි නිවාසයේ ගිණු

  • ගිණුමේ නම: සමාධි වැඩිහිටි නිවාසය
  • බැංකුව: ලංකා බැංකුව
  • ශාඛාව: ගාල්ල බසාර් 
  • ස්විෆ්ට් කේතය: BCEYLKLX 
  • බැංකුවේ අංකය: 7010
  • ශාඛාව අංකය: 089
  • ගිණුම් අංකය: 91597213
  • වියදම්: LKR 42,000

පූජ්‍ය තල්ගම්පල සමිද්ධි හිමිගේ සම්බන්ධතා විස්තර:

  • +94 775 688 333 (හොඳම සම්බන්ධතාවය)
  • thalgampalasamiddhithero@gmail.com
  • පෝයගල කන්ද, වක්වැල්ල පාර, ගාල්ල, ශ්‍රී ලංකාව

ඔබට දානය වෙන්කරවා ගැනීමේ වෙනසක් කිරීමට අවශ්‍ය නම් කරුණාකර තල්ගම්පල සමිද්ධි හිමියන් අමතන්න.